31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගුරු සංගමයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට රතු එළි

ගුරු සංගමයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට රතු එළි

පසුගිය වසරේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ඇගයීම් ගාස්තු 2022 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවා අවසන්වීමට පෙර ගෙවා දැමීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරු සේවා සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකරයි.

ලබන ජනවාරි මස පැවැත්වෙන උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා විභාග දෙපාර් තමේන්තුව මේ වන විට අයැදුම්පත් කැඳවා තිබෙන අතර අයැදුම් පත් කළ හැකි අවසන් දිනය මෙම මස 21 වැනිදාය.

ආර් ථික අපහසුතා පමණක් නොව පැවති ඉන්ධන අර් බුදය හේතුවෙන් පසුගිය විභාගවල උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වෙනුවෙන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විශාල කැප කිරීමක් සිදු කළ බවත් ඔවුන් එම කටයුතු සඳහා වාර් තා කළේ තමන්ගේ වියදමින් බවත් පවසන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් හිඟව පවතින දීමනා නොගෙවන්නේ නම් ඉදිරි විභාග කටයුතු අවිනිශ්චිත තත්ත්වයකට පත් වීම නොවැළැක්විය හැකි බවත් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.