― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතිලිණි ප්‍රියමාලිගේ තවත් වංචා රැසක් එළියට

තිලිණි ප්‍රියමාලිගේ තවත් වංචා රැසක් එළියට

මේ දිනවල මහත් ආන්දෝලනාත්මක චරිතයක් වන තිලිණි ප්‍රියමාලිගේ තවත් මූල්‍ය වංචා රැසක් අනවරණය වී තිබේ. මේ දිනවල නිතරම පාහේ ප්‍රවෘත්ති ඔස්සේ ඇයගේ නම කියැවෙනවා. ඒ මෙරට ප්‍රකට හිමිනමවල්, කෝටි ප්‍රකෝටිපතියන් ඇතුළු මැති ඇමතිවරුන්, කලාකරුවන් රැසකගෙන් ඇය කෝටි ගණන් මුදල් වංචා කිරීම හේතුවෙන්.

මෙලෙස ඔවුන්ගෙන් ලබාගන්නා කෝටි ගණනක් වූ මුදල්වලින් ඇය සුපිරි ජීවිතයක් ගත කර ඇති අතර තවත් එවැනි වංචා රැසක් මේ වනවිට හෙළිදරව් වී තිබේ.

තිළිණි ප්‍රියමාලි මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඇය කළුතර ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඇයගේ පළමු වංචාව මීට වසර කිහිපයකට පෙර ඇල්ටෝ මෝටර් රථයක හිමිකරුට ව්‍යාජ චෙක්පතක් ලබා දීම බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙලෙස වංචා කළ මෝටර් රථයේ හිමිකරුට ලැබුණු තොරතුරක් මත ගල්කිස්සේ ප්‍රදේශයේ ලිපිනයකට ගොස් බැලීමේදී අනාවරණය වී ඇත්තේ තිළිණි ප්‍රියමාලි එම ඉන්ධන පිරවුම්හලේ සිදුවන වංචා සම්බන්ධයෙන්ද හවුල්කාරිනියක් බවයි.

එම පුද්ගලයාට 2020 වසරේදී නැවතත් ෆේස්බුක් හරහා තිළිණි ප්‍රියමාලි හමු වී ඇති බවත් ඒ වන විට තිළිණි සුවපහසු ජීවිතයක් ගත කරන බව හෙළි වූ බවත් එම පුද්ගලයා මාධ්‍ය වෙත පවසා ඇත.