26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව හැවිරිදි දැරියට වද හිංසා කළ කුඩම්මා අත්අඩංගුවට

නව හැවිරිදි දැරියට වද හිංසා කළ කුඩම්මා අත්අඩංගුවට

කඩුවෙල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකට මිරිස් සහ ගම්මිරිස් මිශ්‍ර වතුර පොවා, පහර දී පුළුස්සා, ගෙල මිරිකා කෲර වධ හිංසාවට ලක් කළ 29 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ මව ඇය කුඩා කාලයේ හැරගොස් ඇති අතර ඇගේ පියා විසින් තවත් කාන්තවක් සමග විවාහ වී තිබෙනවා.

පුංචි දැරියට මෙලෙස වද හිංසා ලබා දී ඇත්තේ ඇය විසිනි. දැරිය අලුයම හතරට අවදි කරවා නිවසේ සියලු වැඩ ඇය ලවා සිදු කරගෙන ඇති බව ද පොලිසිය සදහන් කරයි.

දැරියට වරෙක මෝල් ගසකින්ද පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

“තෝ මරා දින දාහතරකට හිරේ යනවා” යැයි මරණීය තර්ජනය කළ බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ කරගෙන තිබේ. දැරියගේ ශරීරය පුරාම පිළිස්සුම් තුවාල කැළැල් තැලුම් තුවාල රැසක් මතු පිටින් පෙනෙන බවත් යම් යම් ස්ථාන ස්පර්ශ කිරීමේදී ඇය වේදනාවෙන් පෙළෙන බවත් පොලිස් නිලධාරිනියක් වැඩිදුරටත් පැවසුවාය.

සැකකාරිය කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.