― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාරිභෝගිකයන්ට කොකා පෙන්නූ IOCයට වසර 02ක තහනමක්?

පාරිභෝගිකයන්ට කොකා පෙන්නූ IOCයට වසර 02ක තහනමක්?

අක්‍රමිකතා රැසක් හේතුවෙන් මේ වනවිට මුද්‍රා තබා ඇති වැල්ලවාය IOC සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලකට වසර දෙකක තහනමක් පැනවීමට ඉඩ ඇතැයි බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ඉන්ධන සැපයීමේදී අඩුවෙන් සැපයීම ඇතුළු අක්‍රමිකතා රැසක් පිළිබඳව ලැබුණු පැමිණිලිවලට අනුව මහජන උපයෝගිතා කොමිසම, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව කළ පරීක්ෂණයකින් පසුව පසුගිය 05 වැනිදා මෙම පිරවුම්හලට මුද්‍රා තබනු ලැබීය.