27.2 C
Colombo
Wednesday, September 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අලුත් අරමුදලක්

පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අලුත් අරමුදලක්

පාසල් ළමුන්ගේ පෝෂණ ව්‍යාපෘති සඳහා ආධාර ලබා ගැනීමට විශේෂ අරමුදලක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අරමුදල සඳහා දෙස් විදෙස් ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ආධාර කිරීමට හැකියාව පවතී.

මෙම අරමුදලේ ප්‍රතිපාදන මගින් පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අධ‍යාපන අමාත්‍යාංශය පවසයි.

අදාළ අරමුදල පිහිටුවීම සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතය.