32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමන්දපෝෂණය වැඩිවෙලා කියලා මං පිළිගන්නවා - කෙහෙළිය රඹුක්වැල්ල

මන්දපෝෂණය වැඩිවෙලා කියලා මං පිළිගන්නවා – කෙහෙළිය රඹුක්වැල්ල

මෙරට මන්දපෝෂණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 2කින් වැඩිවී ඇති බව තමා පිළිගන්නා බවත් කවුරුන් හෝ මන්දපෝෂණය 100%ක් තුරන් කරනවා යැයි කීම සුරංගනා කතාවක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (12) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ මන්දපෝෂණය කියන්නේ ඊළඟ අවුරුදු පහේ දහයේ අපි නැතිවෙන්න පුළුවන්. හැබැයි අපේ දරුවෝ යම්කිසි විදියේ මානසික මට්ටමකින් අඩු, ජවයෙන් අඩු දරුවන් වුණොත් අපි ඒකට කවදාහරි සාප ලද්දන් බවට පත්වෙයි. ඒ නිසා මුලික දේවල් අපි තේරුම් ගත යුතුයි. මගේ නම් මුලික අවශ්‍යතාවය තියෙන්නේ මිනිස්සුන්ගේ බඩගින්න. දරුවන්ගේ මන්ද පෝෂණය. ගැබිනි මව්වරුන්ට පෝෂණ වේල. මේ රටේ නිරෝගී පරම්පරාවක් බිහිකිරීමට යම් බාධාවක් වෙලා තියෙනවා නම් ඊට වඩා ප්‍රමුඛත්වයක් මට නෑ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට. මන්දපෝෂණය කවුරු හරි ඔක්කෝම තුරන් කරනවා කියන එක සුරංගනා කතා පෙළක්. හැබැයි මන්දපෝෂණය තිබුණේ 12%ක මට්ටමක්. ඒක 14%ට ගිහින් තියෙනවා. 2%ක් වැඩිවෙලා තියෙනවා පහුගිය කාලයේ. අපි එතැනින් ගෙනල්ලා 10%ට අඩුකරන්න. අපි ආසියාවේ ප්‍රබලව හිටිය ඉලක්කම්වලින් ඉතාමත් හොඳට හිටපු රටක් ඉතින් මේක වැටෙන්න දෙන්න බෑ. ඒ නිසා ඒකට ප්‍රමුඛත්වය දෙනවා.