28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට උද්ධමනය ගැන මහබැංකුවෙන් කොළ එළියක්

මෙරට උද්ධමනය ගැන මහබැංකුවෙන් කොළ එළියක්

මෙරට අඛණ්ඩව ඉහළ ගිය උද්ධමනය නුදුරු කාලයේදී පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෑත කාලීනව සිදුකළ විදුලි හා ජල ගාස්තු සංශෝධන සහ එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඉහළ ගියේය. කෙසේ වෙතත් ඉදිරි කාලය තුළ උද්ධමනය අඛණ්ඩව පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්‍ෂා කරනවා.

දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් සමස්ත ඉල්ලුම් පීඩනය අඩුවීම, දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්‍ෂිත වර්ධනයන්, ලෝක ආහාර සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් පහළ යෑම නිසා එවැනි මිල ගණන් අඩුවීම් කාලානුරූපීව දේශීය මිල ගණන් අඩුවීමට දායකවීම මෙන්ම හිතකර සංඛ්‍යාමය බලපෑම මැදිකාලීනව උද්ධමනය අඩුවීමට උපකාරී වනු ඇතැයි ද මහ බැංකුව තවදුරටත් පවසයි.