26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 18ක අයිස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ලක්ෂ 18ක අයිස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දහඅටකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර් ය බලකා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැලිකඩ පොලිස් වසම් අංක 114/ඒ, කොටුවේගොඩ, රාජගිරිය ලිපිනයේදී කළ වැටලීමකට අනුවයි. එහිදී රුපියල් ලක්ෂ දහ අටකට අධික වටිනාකමින් යුත් අධික විස මත්ද්‍රව්‍යක් වන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි සහස්පුර, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40, 43 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර් ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා සහස්පුර පත්මසිරි නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් බවට තොරතුරු අනාවරණය වී ඇත.