30.6 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිවේගී මාර්ගයේ ධාවනයේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

අධිවේගී මාර්ගයේ ධාවනයේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

ලබන 19 වැනිදා දක්වා පළාත් 06කට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මෙලෙස මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලයි.

විශේෂයෙන් අධිවේගයේ ධාවනය කිරීමේදී පැයට කිලෝමීටර් 60 ක වේග සීමාවක් පවත්වා ගන්නා ලෙස අධිවේගී මාර්ගයේ විද්‍යුත් පුවරුවල දක්වා තිබේ.