27.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදයාසිරිට හා මෛත්‍රීට නොතීසි

දයාසිරිට හා මෛත්‍රීට නොතීසි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා දරන තනතුරු අහිමි කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කර ලෙස ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ දිසා අධිකරණය අද (13) නියෝග කළේය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට සහ එම පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර වෙත නොතිසි නිකුත් කර තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය එම නියෝගය නිකුත් කිරීමට පියවර ගත්තේය.