28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොර්වුඩ් තේ වත්තක අතරමං වූ කොටි පැටවුන් දෙදෙනා

නොර්වුඩ් තේ වත්තක අතරමං වූ කොටි පැටවුන් දෙදෙනා

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අතරමංව සිටියදී දින දහයක් පමණ වයසැති කඳුකර කොටි පැටවුන් දෙදෙනෙක් හමු වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම සතුන් දෙදෙනා මවගෙන් වෙන් වී අතරමංව සිටියදී තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් විසින් සොයාගෙන ඇති බවයි.

පසුව කම්කරුවන් ආරක්ෂිතව කොටි පැටවුන් දෙදෙනා රඳවාගෙන ඒ පිළිබඳව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දී තිබෙනවා.

අනතුරුව වනජිවි නිලධාරින් පැමිණ එම තේ වත්තේම කොටි පැටවුන් හමු වූ ස්ථානයට යාබදව ආරක්ෂිත ස්ථානයක සතුන් දෙදෙනා රැඳවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව කොටිදෙන පැමිණ පැටවුන් දෙදෙනා අවස්ථා දෙකක දී රැගෙන ගිය බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් සඳහන් කළේ.