28.4 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමාර්තු මාසයට පෙර මැතිවරණයක් පවත්වන්න - ලක්ෂ්මන් කිරිඇල්ල

මාර්තු මාසයට පෙර මැතිවරණයක් පවත්වන්න – ලක්ෂ්මන් කිරිඇල්ල

මාර්තු මාසයට පෙර මැතිවරණයක් නොපැවැත්වුවහොත් රට ලේ විලක් බවට පත්වනු ඇති බවත් කුමන ක්‍රමයකට හෝ මැතිවරණයක් පවත්වා ජනතා අභිලාෂයට ඉඩ දිය යුතු බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා, පළාත් පාලන මැතිවරණ ක්‍රමය සකස් කිරීමට වර්ථමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුල් වූ බැවින් එක්වරම එම මැතිවරණ ක්‍රමය ආණ්ඩුවට සුදුසු නොවුයේ කුමන හේතුවක් මතදැයි ප්‍රශ්න කළේය.