24.5 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ කල් දැමීම ගැන ආණ්ඩුවට චෝදනා

මැතිවරණ කල් දැමීම ගැන ආණ්ඩුවට චෝදනා

මැතිවරණ කල්දැමීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (12) කොළඹ දී පැවැත්වූ අතර ඒ සඳහා ජාතික ජනබලවේගය හැර විපක්ෂයේ පක්ෂ 16ක් සම්බන්ධ වී ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම මැතිවරණ කොමිසමේ සමාජිකයින් සමඟ සාකච්ඡා කිරීම සඳහා නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊයේ මැතිවරණ කොමිසමට පැමිණ ඇත. එහිදී මන්ත්‍රීවරුන් චෝදනා නගා ඇත්තේ පළාත් පාලන මැතිවරණය සහ අනෙකුත් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරන බවයි.