26.1 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙවර ජාත්‍යන්තර බිත්තර දිනය ලංකාවේ සමරයි

මෙවර ජාත්‍යන්තර බිත්තර දිනය ලංකාවේ සමරයි

මෙවර ජාත්‍යන්තර බිත්තර දිනය හෙටට (14) යෙදී තිබෙනවා.

සෑම වසරකම ඔක්තෝම්බර් දෙවැනි සතියේ සිකුරාදා දින ජාත්‍යන්තර බිත්තර දිනය සමරණු ලබනවා.

මෙවර ජාත්‍යන්තර බිත්තර දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එම දිනය සමරමින් ගැබිණි මව්වරුන් 500කට පෝෂණ මල්ලක් බැගින් ප්‍රදානය කිරීම හෙට (14) දිනයේ දී සිදු කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

1996 දී වියානාහි පැවති සම්මන්ත්‍රණයකදී ජාත්‍යන්තර බිත්තර කොමිසම විසින් ඔක්තෝම්බර් දෙවැනි සතියේ සිකුරාදා දිනය ජාත්‍යන්තර බිත්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ජාත්‍යන්තර බිත්තර දිනය සමරන හෙට දිනය වනවිටත් මෙරට බිත්තරයක උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් ඇත්තේ ගැටළුකාරී තත්ත්වයක්.

බිත්තර නිෂ්පාදකයින් පේනවා දෙන්නේ මේ වනවිට රජය විසින් බිත්තරයක් සඳහා නියම කර ඇති රුපියල් පනහක උපරිම මිල තමන්ට ප්‍රමාණවත් නොවන බවයි.