31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalආණ්ඩුවේ අලුත් බදු පනතෙන් මැද පන්තිය හාන්සියි - හර්ෂ ද සිල්වා

ආණ්ඩුවේ අලුත් බදු පනතෙන් මැද පන්තිය හාන්සියි – හර්ෂ ද සිල්වා

ආණ්ඩුව ගෙනඑන අලුත් බදු පනතෙන් මැද පන්තිය හාන්සි වන බවත් රාජපක්‍ෂලාගේ කණ්ඩායමේ අදහස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“ගැසට් එකක් ගහලා රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා තමයි මුදල් ඇමති විදිහට මේ බදු පනත ඉදිරිපත් කරන්නේ. හැබැයි රාජපක්‍ෂලාගේ කණ්ඩායමේම අදහස් තමයි ඔහු ගෙනත් තියෙන්නේ.

රනිල් වික්‍රසිංහ ගෙනාපු මේ බදු ප්‍රතිපත්තියට උදව් කරන්නේ රාජපක්‍ෂලායි. සැප්තැම්බර් මාසේ 30 වැනිදා තෙක් පරණ බදු. ඔක්තෝබර් 01 වැනිදා ඉඳලා අලුත් බද්දක්. නැවත ඔක්තෝබර් 12 තව ගැසට් එකක් ගැහුවා. මේකෙන් මැද පන්තිය හාන්සියි. මොකද ඊළඟ මාස හයට දෙලක්‍ෂ පනස්දාහෙන් ඉදිරියට පනස්දහස බැගින් වැඩි වන විට අලුත් බදු ප්‍රතිශතය එය සියයට 6 ඉඳන් 6, 12, 18, 24, 30, 36 දක්වා වැඩිවෙනවා. මේක සාකච්ඡා කරලා නෑ කොහෙවත්. මේවා තමයි හැංගුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අත්සන් කළ ගිවිසුම් අඩුම ගානේ මුදල් කාරක සභාවටවත් ගෙනත් නෑ. අනිවාර්යයෙන් ගේන්න ඕන, පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න කලින්. මුදල් කාරක සභාවේදී අපි බලාගමු කොහොමද මේක සාකච්ඡා වෙන්නෙ කියලා. මන්ත්‍රීවරු කතාකරන්න ඕන, ඊට පස්සේ මේකට නිලධාරීන් ඇවිත් විශ්ලේෂණය කරන්න ඕන.