28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතාවට බදු බර පටවන්න වුණේ පොහොට්ටුව රට බංකොළොත් කරපු නිසයි

ජනතාවට බදු බර පටවන්න වුණේ පොහොට්ටුව රට බංකොළොත් කරපු නිසයි

වර්තමාන ආණ්ඩුවට ජනතාව පිට බදු බර පැටවීමට සිදුව ඇත්තේ පොහොට්ටුව රට බංකොළොත් කර නන්නත්තාර කළ නිසා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රට බංකොලොත්වීමට පොහොට්ටුවේ අය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව එහිදී අවධාරණය කළ මන්ත්‍රීවරයා කියා සිටියේ පොහොට්ටුවේ ආර්ථික ඝාතකයන් සිටින තුරු ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට උදව් නොකරන බවයි.

පොහොට්ටුව බලයට පැමිණිමෙන් පසු ලොකු සමාගම් වලට බිලියන 800ක පමණ බදු සහන ලබාදුන් බවත් ජනතාවගේ බදු බර වැඩිවූයේ ධනපතියන්ට ලබාදුන් මෙම බදු සහන නිසා බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.