30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherදිවයිනේ දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ රතු නිවේදන

දිවයිනේ දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ රතු නිවේදන

රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහා ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව ඊයේ (13) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය, බුලත්සිංහල, වළල්ලාවිට, පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට , රත්නපුර , ඇළපාත , අයගම, කිරි ඇල්ල, පැල්මඩුල්ල, කලවාන, නිවිතිගල යන ප්‍රදේශවලද නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.