මුහුදුබඩ මාර්ගයේ සිදුවන දුම්රිය ප්රමාදය අවම කිරීම සඳහා නව කාලසටහනක් සකස් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරියේදී එම කාලසටහන ප්රසිද්ධ කර ක්රියාවට නැංවීමට කටයුතු කරන බවත් පවතින තත්ත්වය තුළ මාර්ග අලුත්වැඩියා කටයුතු ප්රමාද වුවහොත්, දුම්රිය ධාවනයේ හටගන්නා ප්රමාදවීම් තවදුරටත් සිදුවිය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මෙම තත්ත්වය හමුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වෙමින් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.