24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ගැන මට දුකයි - යොහානි ද...

ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ගැන මට දුකයි – යොහානි ද සිල්වා

මේ වන විට ශ්‍රී ලංකාවේ මුහුණ පා ඇති අර්ථික අර්බුදය හේතුවෙන් තම හදවත කම්පා වී ඇති බව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා ප්‍රකාශ කර තිබේ.

යොහානි ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවියට පවසා ඇත්තේ අර්බුදයෙන් පසු නැවත ගොඩනැගීමට ඇති එකම මාර්ගය බලාපොරොත්තුව බවයි.

ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ, තම පවුලේ අය අර්බුදයට මුහුණ දෙන විට ඔවුන් සමඟ නොසිටීම ගැන ඇයට වරදකාරි හැඟීමක් දැනෙන්නේ දැයි ඇසූ විට ඇය පවසා ඇත්තේ යොහනි ප්‍රකාශ කර ඇත්තේ “මට වරදකාරි හැඟීමක් දැනුනේ නැහැ, මම එහි නොමැතිකම ගැන මට කණගාටුයි. ගොඩක් අය ඉන්නවා, මට හැමෝම ඉන්දියාවට ගේන්න බැහැ, නමුත් මගේ සංගීතය ඔවුන් වෙත ළඟා වෙයි” යනුවෙනි.

“ඇත්ත වශයෙන්ම එය හද කම්පා කරවන සුළුයි. මගේ පවුල, මගේ දෙමාපියන්, මගේ කණ්ඩායම හැමෝම ආර්ථික අර්බුදය සමඟ ඉන්නවා, මම මුම්බායිවල ඉන්නවා, මම ඔවුන් සමඟ නැහැ. එය හද කම්පා කරවන සුළුය. නමුත් එකම මාර්ගය එයට මුහුණ දී ඉදිරියට යාමයි.”