26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගංගාවල ජල මට්ටම් ඉහළට - සුළු ගංවතුර තත්ත්වයක්

ගංගාවල ජල මට්ටම් ඉහළට – සුළු ගංවතුර තත්ත්වයක්

කැළණි, කළු ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ යාම නිසා ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ ගංඟාවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා අපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර ප්‍රකාශ කළේය.

එමෙන්ම කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙළ, බියගම, කොළන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැඛිය.

කළු ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකියි.

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා – ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.