31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගෝඨාභය මහත්තයෝ මං ඔයාට ආදරෙයි - කෙහෙළිය රඹුක්වැල්ල

ගෝඨාභය මහත්තයෝ මං ඔයාට ආදරෙයි – කෙහෙළිය රඹුක්වැල්ල

බලහත්කාරයෙන් ආණ්ඩුව ගැනීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු බවත් තමා පුද්ගලයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂට ආදරේ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ අද (16) නාවලපිටියෙන් ආරම්භ වූ ‘එක්ව නැගිටිමු’ ජන හමු මාලාවේ සමාර්භක අවස්ථාවට එක්වෙමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ රටේ සාමාන්‍ය ජනතාව එක්රොක් වුණා. ඒ වගේම වියතුන් ටිකකුත් එකතු වුණා. අවුරුදු 65ක දේශපාලන ඡන්දයෙන් ලබා ගන්න බැරි වෙච්ච දේ නුගේගොඩ මැයි දිනයේදී බොහෝම පැහැදිලිව අනුර කුමාර දිසානායක නායකයා විධියට ප්‍රකාශ කළා. ව්‍යවස්ථාව වීසි කරමු. ඕවා ලියකියවිලි විතරයි. එයින් පරිබාහිරව අපි මහ පාරේ මේ ගනුදෙනුව බේරගමු කියලා එදා තමා ප්‍රතිඥාවක් දුන්නේ. ඒ ප්‍රතිඥාව තමා ක්‍රියාත්මක වුණේ. අදත් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පුද්ගලයෙක් හැටියට ආදරෙයි. හැබැයි මම පිළිගන්නේ නෑ එදා දැකපු අභියෝගය එතුමාට භාර ගන්න බැරිවුණ එක ගැන මම අදත් කණගාටුයි. එතැන මම හිටියා නම් ඔයිට වඩා වෙනස් විදියට වැඩ කරන්නේ. මහින්දානන්ද හිටියා නම් ඊටත් එහා. මේක අපි කාටත් පූර්වාදර්ශයක්. බලහත්කාරයෙන් ආණ්ඩු ගන්න දෙන්න බෑ.