26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක බව ජනපති කියයි

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක බව ජනපති කියයි

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා භූමි නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සිටියා.

එහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ තමන් පසුගියදා සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

සියඹලාණ්ඩුව රතුමඩ , වීරකදවල අවට වගා භූමිවල නිරීක්ෂණය කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොවි ජනතාව සමඟ ද ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා පැවැත්වූ අතර ගොවි ජනතාව තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සෘජු ලෙසම ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළා.