26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනාවලපිටිය රැළියේදී මහින්දට දැඩි විරෝධයක්

නාවලපිටිය රැළියේදී මහින්දට දැඩි විරෝධයක්

නාවලපිටිය නගර මධ්‍යයේ අද (16) උද්ඝෝෂණයක් සිදු කිරීමට උත්සහ කළ නාවලපිටිය ආසනයේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් 10ක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ ආසන බල මණ්ඩල රැස්වීම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදී අද (16) පැවැත්විණි. එම රැස්වීම සඳහා විශාල ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටි අතර දෙපිරිස අතර ගැටුමක් ඇති නොවීමට කටයුතු කරමින් සමගි ජන බලවේගයේ පිරිසට නාවලපිටිය නගර තුළට පිවිසමට හෝ උද්ඝෝෂණය කිරිමට පොලිස් නිලධාරින් විසින් කටයුතු කර තිබේ.

ජීවන වියදම ඉහළ යාම ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් ඔවුන් මෙම උද්ගෝෂණය සංවිධානය කර ඇති අතර එම පිරිස උද්ඝෝෂණය සිදු කිරීම සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල අසළ සිට නාවලපිටිය නගරයට පැමිණ තිබේ.

එම අවස්ථාවේදී නාවලපිටිය පොලිසියේ නිලධාරින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කිරීම සඳහා පොලිසියෙන් අවසර ලබාගෙන නොමැති බව පැවසුවද එය නොතකා එම පිරිස උද්ඝෝෂණය සිදු කිරීමට නගරයට පිවිසීමට උත්සහ කිරීමේදී මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් උද්ඝෝෂණය හේතුවෙන් අමතර පොලිස් බලැණි සහ පොලිස් කැරළි මර්ධන ඒකකය නාවලපිටිය නගරයට කැදවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබිණි.