26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමැතිවරණයක් තිබ්බොත් අද වුණත් අපි ජයග්‍රහණය කරනවා - මහින්ද රාජපක්ෂ

මැතිවරණයක් තිබ්බොත් අද වුණත් අපි ජයග්‍රහණය කරනවා – මහින්ද රාජපක්ෂ

තම පක්ෂයට වැරදුන තැන් තිබූ බව තමා පිළිගන්නා බවත් අද වුවද මහ මැතිවරණයක් තිබ්බොත් ඔවුන් ජයග්‍රහණය කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

මහින්ද රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ අද (16) නාවලපිටියේ පැවති ‘එක්ව නැඟිටිමු’ ජනහමුව අමතමිනි.

අපිටත් වැරදුන තැන් තියෙනවා. අපි ඒක පිළිගන්නවා අවංකවම. හැබැයි අපිට වැරදුනා කියලා උඩපැනපු කවුරුත් ඉතිහාසයේ වැරදි නොකරපු අය නෙමෙයි. වැරැද්දක් වුණාම ඒක නිවැරදි කරගන්න අවස්ථාවක් තියෙනවා. පොදු එකඟතාවයකට එන්න කිව්වහම ඒක මඟහරිනවා. සමහරු ඉන්නවා අපිට දෝෂාරෝපණය කරන එක විතරයි කරන්නේ. ඒ අයට වගකීම් බෑ. ඔවුන් කැමති රට කරන්න නෙමෙයි. රට ගිනි තියන්න. ඒ නිසා ජනතාව උසිගන්වන අයගෙන් පරිස්සම් වෙන්න. අද අපි එද්දි පෙළපාලියක් තිබුණා. මම එන්න විනාඩි ගාණකට පෙර දී විසුරුවා හැරලා. මොකද්ද ඒකේ තේරුම. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ රටේ කොටසක් ඉන්නවා අපිට විරුද්ධව. අද වුණත් මහ මැතිවරණයක් තිබ්බොත් අපි ජයග්‍රහණය කරනවා. ඒක තමා ඇත්ත. අද අපි රට වටේ යනවා. මේ තත්ත්වය ඉතාම පැහැදිලිව අපිට පේනවා. අපි එක්ව නැඟිටිමු කියන යෝජනාව මුළු රටටම ඇහෙන්න කියනවා.