― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරටින් නව මදුරු විශේෂයක් සොයා ගැනේ

මෙරටින් නව මදුරු විශේෂයක් සොයා ගැනේ

ශ්‍රී ලංකාවෙන් නව මදුරු විශේෂයක් හඳුනා ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබෙනවා.

Culex(lephoceraomyia) cinctellus කියුලෙක්ස් සින්ටෙලස් නැමති මෙම මදුරු විශේෂය ශ්‍රී ලංකාවේ මීරිගම සහ කළුතර යන ප්‍රදේශවලින් දැනට වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම මෙම විශේෂය ලෝකයේ තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් ද වාර්තා වී තිබෙනවා.

මෙම මදුරු විශේෂය රෝග වාහකයෙක් ද නැද්ද යන සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර ලෝකය තුළ ද රෝග වාහකයකු වශයෙන් වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක සඳහන් කළේ මෑත කාලය තුළ නව මදුරු විශේෂ 03ක් සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරින් විසින් සොයාගැනීමට සමත් වූ බවයි.

තවත් මදුරු විශේෂ 04ක් ශ්‍රී ලංකාව තුළ තහවුරු කරගනිමින් ජානමය පර්යේෂණ සදහා නියදි යවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර එම කණ්ඩායම විසින්ම මෑතකදී culex ගණයට අයත් cx.sp near infula කියුලෙක්ස් නියඉන්ෆියුලා නැමති මදුරු විශේෂය ද සොයාගැනීමට සමත්ව තිබෙනවා.

එම මදුරුවා ඉන්දියාව තුළ මොළේ මැලේරියාව රෝගය බෝ කරන culex infula යන මදුරු විශේෂයට ඉතාමත් සමාන මදුරු විශේෂයක් වන අතර, ශ්‍රී ලංකාව තුළ වාහකයෙක් ද නැත්ද යන සම්බන්ධව තවමත් පර්යේෂණ මට්ටමේ පවතිනවා.