27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාව තිරිඟු පිටි අපනයනය තහනම් කරයි

ඉන්දියාව තිරිඟු පිටි අපනයනය තහනම් කරයි

ඉන්දියාව තිරිඟු පිටි අපනයනය තහනම් කර තිබේ.

මෙරට තිරිඟු පිටි මිල පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

දිගින් දිගටම පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ තිරිඟු අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබේ.

කෙසේ වෙතත්, ඉන්දීය බලධාරීන් තිරිඟු පිටි අපනයනය කිරීමට පියවර ගෙන ඇත්තේ ණයවර ලිපි විවෘත කර ඇති රටවලට පමණක් වන අතර ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා දැනටමත් මිලදී ගැනීමට ඉල්ලීම් කර ඇත.

මෙය තාවකාලික තහනමක් පමණක් බව නිවේදනය කර ඇති අතර අපනයන තහනම පැනවීමට පෙර තිරිඟු පිටි ටොන් මිලියන 10ක් අපනයනය කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.