25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කෙරේ

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කෙරේ

ත්‍රිරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ලබන සතියේ වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සතියක් ධාවනය කිරීම සඳහා ලීටර් 5ක ප්‍රමාණවත් නොවන බව පවසමින් ත්‍රිරෝද රථ රියදුරන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට බාරදුන් සන්දේශය සැලකිල්ලට ගනිමි මෙම තීරණය ගෙන තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී මිල සූත්‍රයට අනුව කටයුතු කරන බවයි එමෙන්ම දැනට ආනයනික ඉන්ධන සඳහා යම් සහනයක් ලැබී ඇති බවත් එම සහනය ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.