26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේව ප්‍රතිමාවක් සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට

දේව ප්‍රතිමාවක් සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට

කොත්මලේ කෝවිලකින් දේව ප්‍රතිමාවක් සොරා ගෙන බස් රථයකින් ගමන් ගනිමින් සිටි කාන්තාවක් ඊයේ (17) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත් අඩංගුවට ගත් කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එක්දරු මවක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචි පිරිසක් සමඟ සංචාරයක ගිය අවස්ථාවේදී කොත්මලේ පිහිටි කෝවිලකට ගොස් වන්දනාමාන කරමින් සිටියදී මෙම දේව ප්‍රතිමාව සොරකම් කර ඇති බව පොලීසිය පවසයි.

කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී තමන්ට ඇතිවූ දැඩි භක්තිය හේතුවෙන් වන්දනාමාන කිරීම සඳහා මෙම දේව ප්‍රතිමාව රැගෙන ආ බව ඇය පවසා තිබේ.

කෝවිලෙහි තිබූ දේව ප්‍රතිමාවක් නොමැති බව දුටු පූසාරිවරයා එහි සවිකොට ඇති ආරක්ෂක කැමරාව පරීක්ෂා කිරීමේදී කාන්තාවක් එය රැගෙන යන ආකාරය දැක කොත්මලේ පොලීසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව වහාම පොලිස් පණිවිඩයක් ඔස්සේ යක්කල පොලිස් නිලධාරීන් විසින් පණිවිඩයෙහි සඳහන් පෞද්ගලික බස් රථය පරීක්ෂා කොට කාන්තාව සමඟ දේව ප්‍රතිමාව පොලිස් භාරයට ගෙන තිබේ.