27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව ජලයෙන් යටවීමේ අවදානමක

පාර්ලිමේන්තුව ජලයෙන් යටවීමේ අවදානමක

ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටමද සීඝ්‍ර ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව දියවන්නා ඔය සීමාවේ වැලි කොට්ට ඇතිරීම පසුගියදා (15) ආරම්භ කළේය.

ආරක්ෂක පියවරක් ලෙස පාර්ලිමේන්තු පරිශ්‍රයේ පහළින් පිහිටි කමිටු කාමරවල පුටු මේස සියල්ලද මේ වනවිට පළමු මහලට රැගෙන ගොස් ඇති අතර දියවන්නාවේ සෝදිසි කටයුතු සඳහා අමතර යාත්‍රා කිහිපයක්ද යොදවා තිබේ.