31.1 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමං තිළිණි ප්‍රියමාලිව අඳුරන්නේ නැහැ - රන්ජන් රාමනායක

මං තිළිණි ප්‍රියමාලිව අඳුරන්නේ නැහැ – රන්ජන් රාමනායක

රුපියල් කෝටි 07ක මුදලක් තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවගේ ආයතනයේ ආයෝජනය කළ බවට රන්ජන් රාමනායක වෙත විවිධ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රන්ජන් රාමනායක පිළිතුරු ලබා දී තිබේ.

ඒ අනුව රන්ජන් රාමනායක පවසන්නේ තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාව දැක නොමැති බවත් තමා අවුරුද්දයි මාස හතයි දවස් දාහතරක් සිරගතව සිටි බවත්ය.

එම නිසා තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාව සමඟ ව්‍යාපාර කළැයි යන චෝදනාව තමාට එල්ල කිරීමට කිසිවෙකුටත් නොහැකි බව ජනප්‍රිය චිත්‍රපට නළු රන්ජන් රාමනායක පැවසීය.

මේ කාන්තාව එක්ක බිස්නස් කරානම් මං සීඅයිඩී එකෙන් හරි පොලිසියෙන් හරි දැනුම් දීමක් කරන්න ඕනේ කටඋත්තර දෙන්න එන්න කියලා. මේ වෙනකල් එහෙම දැනුම් දීමක් කරලා නැහැ. ඒ නිසයි මම නිහඬව හිටියේ. පිටරට ඉඳලා ක්‍රියාත්මක වන මඩ වෙබ් සයිට් කීපයකින් තමයි මේ මඩ ප්‍රචාර මට එල්ල කරන්නේ. මේ කාන්තාව නිෂ්පාදනය කරන්න හදපු චිත්‍රපටයේ මුහුරත් උළෙලට මම ගියේ නැහැ. මගේ වෙලාවට ඒ මුහුරත් උළෙල පැවැත්වෙන කොට මම හිටියේ හිරගෙදර. ඒ නිසා මට එල්ල වන චෝදනා පදනම් විරහිත ඒවා.