28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙම වසරේදී විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන් 12,000 ඉක්මවයි

මෙම වසරේදී විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන් 12,000 ඉක්මවයි

2022 ජනවාරි පළමුවන දින සිට 2022 දෙසැම්බර් 31 වන දින දක්වා කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 12,000 ඉක්මවනු ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස විශ්‍රාම යන නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ විශ්‍රාම වැටුප් අයදුම්පත,විශ්‍රාම ගන්වන දිනට මාස තුනකට පෙර තම දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලෙසයි.

ඒ, අනුව විශ්‍රාම යන නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ විශ්‍රාම යන දිනටම කාර්යක්ෂමව ලබාදිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

2022-09-14 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2022 අනුව රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වයස අවුරුදු 60 දක්වා අඩුකර තිබෙනවා.