27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයට හා ආරක්‍ෂක අංශවලට එරෙහිව නොවැම්බර් 02 විරෝධතාවක්

රජයට හා ආරක්‍ෂක අංශවලට එරෙහිව නොවැම්බර් 02 විරෝධතාවක්

රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 වැනිදා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කොට ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසටත්, විරෝධතා පැවැත්වීමේ අයිතියට බාධා නොකරන ලෙසටත් බල කරමින් මේ විරෝධතාව සංවිධානය කර තිබේ.

මෙම විරෝධතා සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ශිෂ්‍ය සංගම්, සිවිල් ක්‍රියාකාරීන් එක්වන බවත් ඔහු අවධාරණය කළේය.

ප්‍රකාශනයේ හා භාෂණයේ නිදහස තහවුරු කොට තිබියදීත් උද්ඝෝෂණය කිරීමේ අයිතිය මර්දනය කිරීමට කිසිසේත්ම පොලිසියට ඉඩදිය නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.