29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල් තනාදුන් වැල් පාලමෙන් පරාජිත පොහොට්ටුව නැවත නැගිටින්න උත්සාහ කරනවා

රනිල් තනාදුන් වැල් පාලමෙන් පරාජිත පොහොට්ටුව නැවත නැගිටින්න උත්සාහ කරනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තනාදුන් වැල් පාලමෙන් පරාජිත පොහොට්ටු චෞර වළල්ල අද නැවත නැගී සිටීමට උත්සාහ දරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පොල්ගහවෙල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස කියා සිටියේ ලෝක ආහාර දිනයදා රටේ ජනතාවට කන්න නැති කරමින් ගොවියා නැති භංග කරපු ඇමතිවරයා නියෝජනය කරන ආසනයෙන් නැවතත් පරාජිත පොහොට්ටු කල්ලිය නැගිටීමට රැස්වීමක් සංවිධානය කිරීම දෛවයේ සරදමක් බවයි.

පිලිස්සුණු නිවාසවලට වන්දි ලබා ගැනීම, මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සලසා දීම සහ වසර හතරකට මැතිවරණ සිතියම හකුළුවා දීම මත වර්තමාන ජනාධිපතිවරයාව පොහොට්ටු මන්ත්‍රීවරුන් පත් කර ගත් බවත් වත්මන් ජනාධිපතිවරයා ඒවා පොරොන්දු වූවාටත් වඩා හොඳින් ඉටු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.