26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාජපක්ෂවරු ළං කර ගත්තොත් රනිල් පස්ස බිම ඇන ගන්නවා - කුමාර වෙල්ගම

රාජපක්ෂවරු ළං කර ගත්තොත් රනිල් පස්ස බිම ඇන ගන්නවා – කුමාර වෙල්ගම

මහජනතාව රාජපක්ෂලා පිළිනොගන්නා බවත් රාජපක්ෂවරුන් කිට්ටු කර ගතහොත් වික්‍රමසිංහට කොයි මොහොතක හෝ පස්ස බිම ඇන ගැනීමට සිදුවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසීය.

රනිල් වික්‍රමසිංහට ආර්ථිකය ගොඩනැගීම කළ හැකි වුවද ඔහුට ඒ සඳහා ඉඩ නොදෙන්නේ රාජපක්ෂවරුන් බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ රාජපක්ෂවරුන් කිට්ටු කර ගතහොත් වික්‍රමසිංහට කොයි මොහොතක හෝ පස්ස බිම ඇන ගැනීමට සිදුවන බවයි.

ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ ආධාර තවමත් ලැබී නොමැති නිසා ඉදිරි වසර මීට වඩා අර්බුදකාරී විය හැකි බවත් අර්බුදයෙන් රට ගොඩගැනීමට වත්මන් ජනාධිපතිවරයාට හැකියාව පැවතියත් එය ඉටු කිරීමට රාජපක්ෂවරුන් ඔහුට ඉඩ නොදෙන බවත් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.