29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ඇමතිවරු රහස් සාකච්ඡාවක - ආණ්ඩුවේ කිහිපයකුත් එක්වෙයි!

රාජ්‍ය ඇමතිවරු රහස් සාකච්ඡාවක – ආණ්ඩුවේ කිහිපයකුත් එක්වෙයි!

රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් විසින් රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය ඇමැතිවරුන්ට අදාළ අමාත්‍යාංශවල විෂයන් පැවරීමක් සිදු නොකරන කැබිනට් අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ සම්බන්ධව සිදුකෙරෙන අයවැය විවාදයේදී ඊට සහාය නොදීම පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම රහසිගත සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් කිහිප දෙනෙක්ද සහභාගී වී ඇති අතර කැබිනට් අමාත්‍යවරුන්ට විෂයන් ගණනාවක් පැවරී ඇතත් එම කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්ට කිසිදු වගකීමක් පවරා නොමැති වීම පිළිබඳව ඔවුන් එහිදී සාකච්ඡා කර තිබේ.