29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅනියම් පුරුෂයා අතින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වෙයි

අනියම් පුරුෂයා අතින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වෙයි

පන්නල නගරයේ මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ කුලී කාමරයක් තුළ තියුණු ආයුධයකින් පහර දී ඊයේ (17) අලුයම කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුලියාපිටිය – වීරඹුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය කාන්තාව, ඝාතනය සිදුකළ සැකකරු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යමින් කුලී පදනම මත අදාළ කාමරයේ රැඳී සිට ඇති බවයි හෙළිව ඇත්තේ.

දෙදෙනා අතට ඊයේ සිදුවූ ආරවුලක් දුරදිග ගොස් අනියම් පුරුෂයා විසින් කාන්තාවට තියුණු ආයුධයකින් පරදී තුවාල සිදුකර පලාගොස් ඇති බව සඳහන්.

තුවාල ලැබූ කාන්තාව කුලියාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පන්නල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.