27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථ සඳහා අමතර ඉන්ධන කෝටාවක්

ත්‍රිරෝද රථ සඳහා අමතර ඉන්ධන කෝටාවක්

පූර්ණ කාලීන කුලී ත්‍රිරෝද රථ ‌රැකියාවේ නිරත පුද්ගලයන් වෙනුවෙන් තවත් සති දෙකකින් පමණ අමතර ඉන්ධන කෝටාවක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 11ක් පමණ වුවත් පූර්ණ කාලීනව කුලී රථ ‌‌සේවාවේ යෙදන ත්‍රි රෝද රථ සංඛ්‍යාව ලක්ෂ 3කට ආසන්න බවද අමාත්‍යවරයා පවසයි.

මෙම ත්‍රි රෝද රථ හඳුනාගනිමින් ඒවා ලියාපදිංචි කර දත්ත පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව අමතර ඉන්ධන කෝටාව ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.