27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනෙලුම් කුළුණ නැරඹීමේ කාලය දීර්ඝ කෙරේ

නෙලුම් කුළුණ නැරඹීමේ කාලය දීර්ඝ කෙරේ

නෙලුම් කුළුණ නැරඹීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 09 සිට රාත්‍රි 09 දක්වා ප්‍රවේශපත් නිකුත් කරනු ලබන අතර රාත්‍රී 10 දක්වා නැරඹීමේ අවස්ථාව ලබා දී ඇති බව කොළඹ නෙලුම්කුළුන කළමනාකරණ පුද්ගලික සමාගම පවසයි.

එමෙන්ම සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙකේදී පෙරවරු 09 සිට රාත්‍රී 10 දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකෙරේ.

සති අන්තයේදී රාත්‍රි 11 දක්වා නෙලුම්කුළුන පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතින බව එම සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.