29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ කන්නයට අවශ්‍ය පොහොර බෙදාදීම ඇරඹේ

මහ කන්නයට අවශ්‍ය පොහොර බෙදාදීම ඇරඹේ

මහ කන්නයේ මුල් වටය සඳහා අවශ්‍ය පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 34,000ක් ඉතිරිව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම පොහොර තොග මෙලෙස මහ කන්නයේ වී වගාව සඳහා මුල් වටයට යෙදීමට නිකුත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම මෙවර මහ කන්නයේ බඩඉරිගු වගාවන් සඳහා ද යූරියා පොහොර ලබාදීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.