27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයෙක් ඊයේ (17) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඝාතනයන් සිදුකිරීමට යතුරුපැදියක් ලබාදෙමින් ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා මිනුවන්ගොඩ, පීල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (18) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසකට පසුගිය 06 වනදා අලුයම ඇතුළු වූ පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වුණා. සරුංගලයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවයි පසුව අනාවරණය වුණේ.