32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෙරට රාජ්‍ය ණය සීමාව බිලියන 666කින් ඉහළට

මෙරට රාජ්‍ය ණය සීමාව බිලියන 666කින් ඉහළට

මෙරට රාජ්‍ය ණය සීමාව රුපියල් බිලියන 666කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අද (17) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ සිටම අනුමත වූ බව සඳහන් කරමින් ක්‍රියාත්මක බවයි.

මේ වන විට රජයේ ණය සීමාව රුපියල් බිලියන 3844ක් වන අතර එය රුපියල් බිලියන 4058ක් එනම් රුපියල් ට්‍රිලියන 4ක් දක්වා නව කැබිනට් තීරණයත් සමගින් ඉහළ යනු ඇත.