25 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන ගොනා කවුද? - ශාන්ත බණ්ඩාර

මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන ගොනා කවුද? – ශාන්ත බණ්ඩාර

මෙම අවස්ථාවේදී ඡන්දයක් ඉල්ලන්නේ මොන ගොනා දැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ඇසුවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර කියා සිටියේ ආහාර උද්ධමනය වැඩි වී දුකට පත්ව සිටින ජනතාව පීඩනයෙන් මුදවා ගැනීමට කටයුතු කරනවා මිස කළ යුත්තේ මැතිවරණවලට යාම නොවන බවයි.

ජනතාව ඉල්ලන්නේ මැතිවරණ නොව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කර සංවර්ධිත රටක් බවත් හෙට දවසේ පෝලිම් නැති වැඩපිළිවෙලකට යා යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී පැවසීය.