29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුපුන් අබේකෝන් දිවයිනට පැමිණෙයි

යුපුන් අබේකෝන් දිවයිනට පැමිණෙයි

ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳි ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (18) අලුයම සිය මව්බිමට පැමිණියා.

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් පසු ඔහු මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා.

දිවයිනට පැමිණි යුපුන් අබේකෝන් ඇතුළු කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ විශේෂ ප්‍රභූ පර්යන්තයේ දී ඉතා හරසරින් පිළිගනු ලැබුවා.