24.1 C
Colombo
Tuesday, November 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාවලදී පොලිසියේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයක් අරඹයි

විරෝධතාවලදී පොලිසියේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයක් අරඹයි

සාමකාමී විරෝධතා අතරතුර ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කළේ සාමකාමී උද්ඝෝෂණවලදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් රාජ්‍ය වත්කම් අවභාවිත කර බලය පාවිච්චි කළේද යන්න සොයා බැලීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

තරුණ නීතීඥයින්ගේ සහ තරුණ මාධ්‍යවේදීන්ගේ සංගම්වල පීඩනයට එරෙහි කමිටුව විසින් සැප්තැම්බර් 22 වැනිදා ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.