26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වෙයි

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වෙයි

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී උන්වහන්සේ මෙලෙස අපවත්වී ඇති අතර අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 69ක්.

1968 දී අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යාරාමයට පැමිණ එවක අටමස්ථානාධිපතිව වැඩ විසූ ඉදුරුව හල්මිල්ලෑව ශ්‍රී රේවත නා හිමියන්ගේ අනුමැතියෙන් පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ හා පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙනුයි පල්ලේගම සිරිනිවාස නමින් සසුන්ගත වු අතර 1968 වසරේ අනුරාධපුර ශ්‍රි මහා බෝධියේ උඩමළුවෙහිදී උන්වහන්සේ සසුන්ගත වුණා.