31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅතුරුදන් වූ නාවික යාත්‍රාව පානමට ගෙන එයි

අතුරුදන් වූ නාවික යාත්‍රාව පානමට ගෙන එයි

නාවිික හමුදා සාමාජිකයන් 06ක් සමඟ අතුරුදන්වූ නාවික යාත්‍රාව පානම ගිනිකොණ නාවික විධානය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.

සැප්තැම්බර් 16 වැනිදා මෙම පිරිස සැකකටයුතු යාත්‍රා හදුනා ගැනීමේ ආවේෂණ රාජකාරියේ නිරතව සිටියදී යාත්‍රාවේ එංජිමේ කිසියම් දෙයක් පැටලී සිරවීමෙන් යාත්‍රාවේ එංජිම ක්‍රියා විරහිත වී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එහි සිටි සියලු නාවිකයන් වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කළ බවත් ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට තහවුරු වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා අවධාරණය කළේය.

ඔවුන් දින කිහිපයක් පුරා මහත් පරිශ්‍රමයක් යොදා එංජිමේ පණ ගැන්වීමට උත්සහ ගෙන ඇති බවත් එය ව්‍යර්ථ වීම නිසා ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට නාවික සැතපුම් 430ට ආසන්න දුරක් ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත යාත්‍රාව ගසාගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.