30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනිද්දා කළුතරට පැය 12ක ජල කප්පාදුවක්

අනිද්දා කළුතරට පැය 12ක ජල කප්පාදුවක්

අනිද්දා (21) දිනයේදී පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය දැනුම් දෙනු ලබයි.

විදුලිබල මණ්ඩලයේ සහ ජලසම්පාදන මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/දකුණ), නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම, දර්ගා නගරය, බෙන්තර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.