27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුව පෙරළා දැමීමේ මහ මොළකරුවා බැසිල් රාජපක්ෂයි - විමල් වීරවංශ

ආණ්ඩුව පෙරළා දැමීමේ මහ මොළකරුවා බැසිල් රාජපක්ෂයි – විමල් වීරවංශ

පසුගිය ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණය පිටුපස විමල් හා ගම්මන්පිල සිටියේ යැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කරන ලද චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප‍්‍රතිචාර දක්වා තිබේ.

තමන් දෙදෙනා එම ආණ්ඩුව පෙරලන කුමන්ත‍්‍රණයේ සිටියේ නම් එහි නියම කුමන්ත්‍රණකරුවා බැසිල් රාජපක්ෂ බවයි ඔහු ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ.

විමල් සහ ගම්මන්පිල දෙදෙනා කැබිනට්ටුවෙන් ඉවත් කරන තුරු තමන් කැබිනට්ටුවට නොපැමිණෙන බව බැසිල් රාජපක්ෂ එවකට ජනාධිපතිවරයාට දන්වා තිබූ බවද ඔහු පැවසීය. පැවති ආණ්ඩුව බැසිල් රාජපක්ෂට උවමනා පරිදි ගමන් කරවීම නිසා අද මේ තත්ත්වයට රට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.