― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෝඨාභයට යළිත් නොතීසි

ගෝඨාභයට යළිත් නොතීසි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.

ඒ 2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් පැහැර ගෙනයාම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේදී සාක්ෂි ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට දී ඇති අභියාචනාධිකරණ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමකට අනුවයි.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අතර අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි යවා තිබෙන බව නීතිඥවරයා සඳහන් කළේය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටි බැවින් යළි නොතිසි නිකුත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම පෙත්සම යළිත් දෙසැම්බර් 15 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.