27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතාවගේ ඡන්දයෙන් පොහොට්ටුව ඉහළින්ම ජයග්‍රහණය කරනවා - සාගර කාරියවසම්

ජනතාවගේ ඡන්දයෙන් පොහොට්ටුව ඉහළින්ම ජයග්‍රහණය කරනවා – සාගර කාරියවසම්

ඕනෑම මොහොතක මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බවත් මැතිවරණ කල්දැමීම සඳහා කිසිවෙකුට තම පක්ෂයේ සහය ලබානොදෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනතාව අපිට අවශ්‍ය ඡන්දය ලබාදී අපේ පක්ෂය ඉහළින්ම ජයග්‍රහණය කරන බවට තමා තුළ දැඩි විශ්වාසයක් තිබෙන බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

අපි හැමදාම නිසි කලට කලින් මේ රටේ ජනතාවට ඡන්ද දීලා තියෙනවා. ඒක තමා අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය. අපි කවදාවත් මහජන මතයට බයේ දුවන පක්ෂයක් නෙමෙයි. අපි කිසිදු අවස්ථාවක මැතිවරණයකට බය වෙන්නේවත් එයින් පළා යන්නේවත් නෑ. එය ඉතා පැහැදිලිව කියන්න ඕනේ. අපි පක්ෂයක් විදියට කියනවා ඕනේම මොහොතක පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න පුළුවන් ශක්තිය, සංවිධානය අපි ළඟ තියෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරමින් ඉන්නවා. පක්ෂය ශක්තිමත් කරමින් ඉන්නවා. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා සමාජ මාධ්‍යවල මොන දේ පළ වුණත් ඉදිරියට පැවැත්වෙන ඡන්දයේ දී ඡන්දය ලබාදෙන්නේ සමාජ මාධ්‍ය නෙමෙයි මේ රටේ ජනතාව. ජනතාව අපිට අවශ්‍ය ඡන්දය ලබාදීලා අපේ පක්ෂය ඉහළින්ම ජයග්‍රහණය කරන බවට දැඩි විශ්වාසයක් තියෙනවා.